AilmentsLife StyleWellness

හදවත් රෝගි තත්වයන්ගෙන් මිදිමට තරුණ ඔබට සිත්ගත් ඔවදනක්

ඉහත ලිපිය නිර්මාණය සහ ලබාදිම පොපියුලේෂන් ලංකා පුද්ගලික සමාගම විසිනි:

මේ වන විට අප සියලු දෙනා ගෙවන කාර්යබහුල හා තරගකාරී ජීවන රටාවන් නිසා ශරීර සෞඛ්යය කෙරෙහි යොමුවන්නේ ඉතා අඩු අවධානයක්. මේ නිසාම පහසුවෙන් මගහරවා ගැනීමට තිබූ බොහෝ බෝවන රෝගී තත්ත්වයන්ගෙන් බොහෝ දෙනා තරුණ වියේ සිට දීම පීඩා විඳිනු දැක ගත හැකි යි.

එසේ වුවද ක්රියාකාරී හා සෞඛ්යමත් ලිංගික ඇසුර මෙවැනි රෝග තත්ත්ව වළක්වා ගැනීමට දායක වන බව ඔබ දන්නවාද? විශේෂයෙන්ම හදවත් සෞඛ් ආරක්ෂා කර ගැනීමට මෙය වැදගත් වන බව වෛද් මතයයි.

මූලිකව සැලකූවිට එය ශරීරයට කදිම ව්යායාමයක්: නිදන කාමරයේ ක්රියාකාරකම් පමණක් නිරෝගී දිවියකට ප්රමාණවත් නොවුවද, තුළින් ඔබගේ හෘද ස්පන්දනය වැඩි කොට ශරීරයේ සියලු මාංශ පේශීන් ක්රියාවට නංවනවා.

අනෙක් කාරණාව නම් ශරීරයේ හෝමෝන සමතුලිතතාව රදවා ගැනීමට ක්රියාකාරී ලිංගික ජීවිතයක් අවශ් වීමයි. එය හෘදයාබාධ මෙන්ම ඔස්ටියෝපොරෝසිස් වැනි පීඩාකාරී රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානම පාලනය කරනවා.

අවසානයේ දී මෙසේ ඔබේ සහකරුවා හෝ සහකාරිය සමග එක්වීම නිතැතින්ම ඔබ තුළ ඇති මානසික පීඩනය තුනී කරගැනීමට දායක වනවා. මේ සමීපත්වය හරහා ලැබෙන සෙනෙහස හා තෘප්තිය හෘදයාබාධ වලට තුඩු දෙන ප්රධාන හේතුවක් වන මානසික ආතතිය වළක්වාලයි.

මේ අනුව ඔබේ ආදරණීයයා සමග ගෙවන සෞඛ්‍යයමත් හා ක්‍රියාකාරී ලිංගික ඇසුර නීරෝගී මෙන්ම ප්‍රීතිමත් දිවියකට හේතු වන බව පැහැදිලිය.

ඔබටත් මෙය කියවීමට කැමත්තක් තිබිය හැක:

  1. Dengue rise in Sri Lanka. What you need to know.
  2. Pre-diabetes: Risk factors, diagnosis and prevention.
Tags
Show More

Related Articles

error: Content is protected !!
Close